කොළඹ දර්ශන ගුරුකුලය

දර්ශනය ගැන දැන ගැනීම වෙනුවට දර්ශනය ව්‍යවහාර කිරීම.

හිරු එළියේ දිලෙන වැලි කඳු මතට හෙළි වූ රතු පැහැති පුරාණ ස්මාරකයක්

අපේ ව්‍යාපෘතිය

අප උත්සාහ කරන්නේ එකිනෙක පරස්පර වැඩ දෙකක් එක වර සිදු කිරීමටයි. එක් අතකින් අප එක් නිශ්චිත දාර්ශනික ආස්ථානයක්, ව්‍යාපෘතියක් වෙනුවෙන් පෙනී සිටින්නට උත්සාහ කරයි. නමුත් ඒ සමගම අප සෑම දාර්ශනික ආස්ථානයක්ම අවබෝධ කරගැනීමේ සතුට පෙන්වා දීමට උත්සාහ කරයි. දර්ශනය යනුම සිතීම නම් අද්විතීය ධාරිතාවයේ සෞන්දර්ය නිරාවරණය කර දීමෙන් අපව සතුටු කරනා දෙය කියා අපි තරයේ විශ්වාස කරමු. එනිසාම මෙය ඕනෑම දාර්ශනිකයකු සම්බන්ධයෙන් ඉගෙනීමට උනන්දු කෙනෙකුට විවෘත තැනකි.

අප පෙනී සිටිනා ආස්ථානයක් තිබෙන්නේ වුවත් මෙහිදී එය වෙත මිනිසුන් දිනාගැනීමේ දෘෂ්ඨිවාදී ව්‍යාපෘතියක් නැත. ඒ වෙනුවට මෙහි තිබෙන්නේ දර්ශනය වෙත උරුම වන එකම දෛවය වැළඳ ගැනීමයි. අදහස් අදහස් හප්පා අප නිවැරදි දෙය කුමක්ද කියා තීරණය කරමු. අන් සියල්ලට පෙර එම 'හැප්පීමේ' සතුට විඳ ගනිමු.

'Philosopher' යන වචනයේ මූල අර්ථය වන්නේ දැනුමට ආදරය කරන්නා යන්නයි. දැනුමට ආදරය කරනා මිනිසුන් සිටිනා බව අප හොඳාකාරව දනිමු. මේ තිබෙන්නේ එවැනි මිනිසුන් සඳහා පොදු වේදිකාවකි.

විශේෂාංග

නවතම ක්‍රියාකාරකම්, සිදුවීම් සහ යාවත්කාලීන කිරීම්.

නරඹන්න

“පරීක්ෂා නොකළ ජීවිතය ජීවත් වීමට සුදුසු නොවේ.” සොක්‍රටීස්

එකට සිතන, ප්‍රශ්න කරන සහ තර්ක කරන ශ්‍රී ලංකාව පුරා වූ වර්ධනය වන ප්‍රජාවකට එකතු වන්න.

පාඨමාලා බලන්න