දර්ශනය ඉගෙන ගන්න
කාලානුරූපී අදහස් ගවේෂණය කරන්න, විවේචනාත්මක චින්තනය වර්ධනය කරන්න, කුතුහලයෙන් පිරි ප්‍රජාවකට එකතු වන්න.
විසංයෝජනය පාඨමාලාව
ඩෙරීඩාගේ Plato's Pharmacy සමීපව කියවීම.
ජාක් ඩෙරීඩාගේ "Plato's Pharmacy" නම් රචනය සාමූහිකව කියවන අධ්‍යයන කවය මේ සෙනසුරාදා (අගෝස්තු පළමුවැනිදා) ආරම්භ වෙයි. මෙහි අරමුණ වන්නේ, ඉතාම සරලව, ජාක් ඩෙරීඩා නම් ප්‍රංශ ජාතික දාර්ශනිකයාට (වඩාත් නිවැරදිව කියන්නේ නම් ප්‍රති-දාර්ශනිකයාට) හැඳින්වීමක් ලබා දීමයි.
- කාලසීමාව: මාස 6
- ආකාරය: සජීවී රැස්වීම
- ආරම්භය: 2026 අගෝස්තු 01 · සෙනසුරාදා, උදෑසන 10.30 සිට 12.30 දක්වා
- ස්ථානය: Mahaweli Centre, Colombo 07
- ලියාපදිංචි ගාස්තුව: රු. 5,000 (මාසිකව)
පශ්චාත්නූතනවාදය
ලියොතාගේ කෘතිය සමීපව කියවීම.
ෙම පාඨමාලාවේ අරමුණ වන්නේ පශ්චාත්නූතනවාදය පිළිබඳව හැඳින්වීමක් ලබා දීමයි. මේ සඳහා අප ජොන්-ෆ්‍රාන්සුවා ලියොතාගේ "The Postmodern Condition" නම් කෘතිය සමීප ලෙස කියවයි. එහිදී සෑම දිනකම කියවන කොටස පිළිබඳව ලිඛිත සිංහල හැඳින්වීමක් ලබා දෙනු ලැබෙයි. එම ලියවිල්ල ලියොතාගේ කෘතිය සිංහල භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කිරීම ඉලක්ක කරගෙන සකස්වන්නකි. එය පරිවර්තනයක් හෝ අනුවර්තනයක් හෝ ලෙස නම් කළ නොහැකි වන්නේ එහිදී ලියොතාගේ අදහස්වල එතරම් පැහැදිලි නොවන කොටස් සඳහා අතිරේක පැහැදිලි කිරීම් සහ නිදර්ශන ආදිය ඇතුලත් වන නිසාය. නමුත් එහි සැබෑ අරමුණ වන්නේ එම ලියවිල්ල කියවීම අවසානයේදී ලියොතාගේ කෘතියේ අඩංගු සෑම දෙයක් පිළිබඳව අවබෝධයක් ලැබීමයි. එම අර්ථයෙන් මෙය එක්තරා ආකාරයක "පරිවර්තනයක්" ලෙසද හැඳින්විය හැකිය.
- කාලසීමාව: මාස 6
- ආකාරය: සජීවී රැස්වීම
- ආරම්භය: 2026 ඔක්තෝබර් 17 · සෙනසුරාදා, උදෑසන 10.00 සිට 12.00 දක්වා
- ස්ථානය: Mahaweli Centre, Colombo 07
- පාඨමාලාව මෙහෙයවීම: වංගීස සුමනසේකර
- ලියාපදිංචි ගාස්තුව: රු. 5,000