අවසන් වූ පාඨමාලා

පශ්චාත්නූතනවාදය

ලියොතාගේ කෘතිය සමීපව කියවීම.

ෙම පාඨමාලාවේ අරමුණ වන්නේ පශ්චාත්නූතනවාදය පිළිබඳව හැඳින්වීමක් ලබා දීමයි. මේ සඳහා අප ජොන්-ෆ්‍රාන්සුවා ලියොතාගේ "The Postmodern Condition" නම් කෘතිය සමීප ලෙස කියවයි. එහිදී සෑම දිනකම කියවන කොටස පිළිබඳව ලිඛිත සිංහල හැඳින්වීමක් ලබා දෙනු ලැබෙයි. එම ලියවිල්ල ලියොතාගේ කෘතිය සිංහල භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කිරීම ඉලක්ක කරගෙන සකස්වන්නකි. එය පරිවර්තනයක් හෝ අනුවර්තනයක් හෝ ලෙස නම් කළ නොහැකි වන්නේ එහිදී ලියොතාගේ අදහස්වල එතරම් පැහැදිලි නොවන කොටස් සඳහා අතිරේක පැහැදිලි කිරීම් සහ නිදර්ශන ආදිය ඇතුලත් වන නිසාය. නමුත් එහි සැබෑ අරමුණ වන්නේ එම ලියවිල්ල කියවීම අවසානයේදී ලියොතාගේ කෘතියේ අඩංගු සෑම දෙයක් පිළිබඳව අවබෝධයක් ලැබීමයි. එම අර්ථයෙන් මෙය එක්තරා ආකාරයක "පරිවර්තනයක්" ලෙසද හැඳින්විය හැකිය.

ෙය අප ආරම්භ කරන්නේ "90 දශකය" ලෙස අප විසින් නම් කරන එක්තරා බුද්ධිමය යුගයක දාර්ශනික පදනම විවර කරන දිගු කාලීන ව්‍යාපෘතියක කොටසක් ලෙසයි. ඒ අනුව ලියොතාට අමතරව ජාක් ඩෙරීඩා, මිෂෙල් ෆූකෝ වැනි අයගේ මුල් කෘති පිළිබඳවත් මෙවැනිම හැඳින්වීම් ලබා දීමට අප ඉදිරියේදී කටයුතු කරමු. ඒවා පිළිබඳව වෙනත් අය ලියු හැඳින්වීම් කියවීම වෙනුවට අපගේ අරමුණ වන්නේ එම මුල් කෘතීම කියවීමයි. අප සිතනා ආකාරයට චින්තකයකු අපට සත්‍ය වශයෙන්ම අභිමුඛ වන්නේ ඔහුගේ/ඇයගේ මුල් ලිවීම් කියවන විට පමණි. මේ තිබෙන්නේ එහි ආරම්භක පියවරයි. එමගින් අප විසින් යෝජනා කරනු ලබන නව දාර්ශනික අදහස්වල ඓතිහාසික සන්දර්භය කුමක්ද කියා වටහා ගැනීමේ හැකියාව කෙනෙකුට ලැබෙයි.

නමුත් මෙයට සහභාගී වීම සඳහා අපගේ පුළුල් දාර්ශනික ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීම කිසිසේත් අනිවාර්යය නොවේ. ඒ වෙනුවට මෙය පශ්චාත්නූතනවාදය පිළිබඳව ඉගෙන ගැනීමට උනන්දු ඕනෑම අයෙකුට විවෘත වෙයි. අප ඉතාම අවංකව සිතනා ආකාරයට මේ කෘතිය ගැන මේ මට්ටමේ අවබෝධයක් ලැබිය හැකි වෙනත් තැනක් ලංකාවේනම් නොමැත. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ලියොතාගේ මේ කෘතිය මුල සිට අගට කියවා තිබෙන පිරිස අපේ රටේ අතිශය සීමා සහිත වීමයි. එම සීමාසහිත පිරිස වුව මෙවැනි දේ සංවිධානය කරනවා කියා අප සිතන්නේ නැත. එනිසා 'පශ්චාත්නූතනවාදය' යන අදහසේ සම්භාව්‍ය විමර්ශක කෘතිය පිළිබඳව මෙවැනි අවබෝධයක් ලැබිය හැකි වෙනත් තැනක් අපේ රටේ තිබෙනවා කියා අප අවංකව සිතන්නේ නැත.

ෙය "මාකටින්" වෙනුවෙන් කියන දෙයක් නොව අපේ රටේ බුද්ධිමය පරිහානිය පිළිබඳව කණගාටුදායක සත්‍යයකි. Colombo School of Philosophy යනු මෙම කණගාටුදායක දෛවයෙන් මේ සමාජය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අප කරන කුඩා එකතුකිරීමකි

පශ්චාත්නූතනවාදය
කාලසීමාව
මාස 6
ආකාරය
සජීවී රැස්වීම
ආරම්භය
2026 ඔක්තෝබර් 17 · සෙනසුරාදා, උදෑසන 10.00 සිට 12.00 දක්වා
ස්ථානය
Mahaweli Centre, Colombo 07
පාඨමාලාව මෙහෙයවීම
වංගීස සුමනසේකර
ලියාපදිංචි ගාස්තුව
රු. 5,000

WhatsApp හරහා ලියාපදිංචි වන්න

සිතියමේ බලන්න

සියලු පාඨමාලා